ව්යාපාර වර්ග(Types of businesses)
ලෝකයේ ඕනෑම කෙනෙක්ට දියුණු වීමට ඇති හොඳම මග ව්‍යවසායකත්වයයි. ඔබේ අතේ ඇති මුදල, කාලය සහ හැකියාව අනුව ඔබට ආරම්භ කළ හැකි ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර කිහිපයක් පහතින් දක්වා ඇත.

Refurbish & Resell (ප්‍රතිසංස්කරණය කර විකිණීම)
ඔබ අත්කම් වැඩවලට හෝ තාක්ෂණික උපකරණ ගැලවීමට/සවි කිරීමට දක්ෂයෙක් නම් මෙය ඔබට කදිමයි.
ආරම්භක මුදල: ඉතා අඩුයි (රු. 2,000 – 5,000).
විශේෂත්වය: පරණ හෝ කැඩුණු බඩු අලුත් කර වැඩි මිලකට විකිණීම.
ඔබට තාක්ෂණික දැනුම නොමැති නම්: ඔබට පුළුවන් සුළු දෝෂ සහිත භාණ්ඩ අඩුවට මිලදී ගෙන, වෙනත් දක්ෂ කාර්මිකයෙකු ලවා (Outsource) සාධාරණ මුදලකට එය සකස් කරවාගෙන, පසුව විකිණීමෙන් ලාභයක් තබා ගැනීමට. ඔබට අවශ්‍ය වන්නේ හොඳින් වෙළෙඳපොළ පිරික්සා ලාභදායී බඩු සොයාගැනීමේ හැකියාව පමණයි.
Import & Resell (ආනයනය කර විකිණීම)
ලෝක වෙළෙඳපොළේ Trending වන අලුත් භාණ්ඩ ලංකාවට හඳුන්වා දී ලාභ ලැබීමට කැමති අයටයි.
ආරම්භක මුදල: මධ්‍යස්ථයි (රු. 5,000 සිට ඉහළට).
විශේෂත්වය: ගෝලීය වෙළෙඳපොළෙන් (AliExpress/Alibaba) අඩුවට බඩු ගෙන්වා විකිණීම.


Local Products & Spices (දේශීය නිෂ්පාදන සහ කුළුබඩු)
ගුණාත්මක දේශීය දේවල් අගය එකතු කර (Value Addition) වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කැමති අයටයි.
ආරම්භක මුදල: රු. 10,000 – 20,000 අතර.
විශේෂත්වය: ගම්මිරිස්, කුරුඳු වැනි දේශීය දේවල් පිරිසිදුව පැකට් කර Brand එකක් ලෙස විකිණීම.
Biz Flow Lanka උදව්ව
ඔබට වඩාත්ම ගැළපෙන්නේ කුමක්ද?
ඔබට තීරණයක් ගැනීමට අපහසු නම් මෙය බලන්න
ඔබට ඇත්තේ
1000/=
Refurbishing හෝ Service business එකකින් පටන් ගන්න.
ඔබට ඇත්තේ
2000/=
Import & Resell තෝරාගන්න
ඔබට ඇත්තේ
5000/=
Local Spices ව්‍යාපාරයට යොමු වන්න